කරීනා සහ සයිෆ්ගේ අලුත උපන් පුතුගේ නම මතභේදයට ලක්වෙලා

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ අඹුසැමි යුවළක් විසින් සිය අලුත උපන් බිලිඳාට ආක්‍රමණිකයකුගේ නමක් (Taimur Ali Khan) තැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා.

මධ්‍යම ආසියාවේ සිටි දාහතරවන සියවසට අයත් මොන්ගෝලියානු අධිරාජ්‍යයෙකුවන තයිමූර් හෙවත් තමලෙන් විසින් පුද්ගලයන් දහස් ගණනක් මරා දමනු ලැබ ඇතැයි විශ්වාස කෙරෙන්නේ.

කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් යුවළ තමන්ගේ අලුත උපන් පුතුට නම තබා තියෙන්නේ ‘තයිමූර්’ ලෙසින්.

නමුත් කරීනා – සයිෆ් රසිකයන් පවසන්නේ ‘යකඩ’ යන අරුත ඇති තයිමූර් යන්න තවත් එක් නමක් පමණක් කියලයි.

කෙසේ වෙතත් මතභේදයට තුඩු දුන් පුද්ගලයකුගේ නමක් කරීනා සයිෆ් යුවළ විසින් සිය පුතුගේ නම වශයෙන් යොදා ගැනීම ඉන්දියාවේ ට්විටර් ඇතුළු සමාජ ජාල භාවිත කරන්නන් අතර දැඩි සංවාදයට ලක්වෙලා තියෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මන්සූර් ඛාන් සහ හිටපු බොලිවුඩ් නිළියකවන ශර්මිලා තාගෝර් සයිෆ් අලි ඛාන්ගේ දෙමව්පියන් වනවා.

කරීනා කපූර්ගේ මව්පියන් මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියෝ වනවා.