විමල්ගේ පවුලේ අය හෙණ ඉල්ලන එක සාධාරණයි, මොකද මේ සැප දැන් නැහැනේ? - රන්ජන් කියයි

Kavindu

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළානේ.

විමල්ව මේ විදිහට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට හේතු වුනෙ රජයෙ වාහන 40ක් අවභාවිතා කිරීමේ චෝදනාව නිසයි.

ඉතිං මේ සිද්ධිය සම්බන්ධ කර ගනිමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ Facebook පිටුව හරහා යම් කිසි හෙළිදරව්වක් කරලා තියෙනවා.

රන්ජන් රාමනායක මුහුණුපොතේ තැබූ සටහන පහිතන් බලන්න……

පවුලේ අය හෙණ ඉල්ලන එක සාධාරණයි, මොකද මේ සැප දැන් නැහැනේ ? රජයේ වාහන 40ක් හිතවතුන්ට දෙන එක වරදක් නෙවෙයි ළූ විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය.