එකපාරට කේෂර සිංහයෙක් වෙච්ච අසාමාන්‍ය සුනඛයා මෙන්න - PHOTOS

කැලේ රජා යැයි සැලකෙන සිංහයාගේ තේජස වඩාත් පිළිබිඹු කිරීමට හිස වටා ගෙලෙහි ඇති කේශර බොහෝ ලෙස බලපානවා.

කෙසේ වෙතත් උපතින්ම සිංහයකු නොවුවද සිංහයකු ලෙස වැජඹෙන සත්ත්වයකු පිළිබද අමුතුම ආකාරයක තොරතුරක් එංගලන්තයෙන් වාර්තා වනවා.

ෂාර් පෙයි නමින් හැදින්වෙන සුනඛයෙක් මෙසේ සිංහයකු බවට පත්ව ඇත්තේ කෘතිම ආකාරයකින් නොව ස්වාභාවිකවම හිස හා ගෙලෙහි හටගත් කේශර හේතුවෙනුයි.

මෙම අසාමාන්‍ය සුනඛයා මේ වන විට සත්ත්ව සුබසාධන මධ්‍යස්ථානයක රැකවරණය ලබන්නේ එම සත්ත්වයාගේ හිමිකරු විසින් එම සත්ත්වයා අතහැර දැමීම හේතුවෙනුයි.