YouTube එකේ හිට් වෙන්න, පාරේ යන තරුණියන්ව සිපගත්තු තරුණයෙකුට වැඩ වැරදිලා - VIDEO

මේ වීඩියෝ එකේ ඉන්න තරුණයා විසින් පෙම්වතා සමඟ යන තරුණියන් කිහිපදෙනෙක් බලෙන් සිපගෙන පලා යනවා. එක ඔහු Prank එකක් ලෙස ඔහුගේ Crazy Sumit කියන YouTube චැනල් එකට Upload කරලා.

එම තරුණයා සිතු නැති ආකාරයට එම වීඩියෝව බොහෝ දෙනෙක් අතර නරක විදියට ප්‍රසිද්ධ වුණා. ගොඩක් අය මේකට දැඩි විරෝධයක් පල කළා. මොකද එහෙම පාරේ යන තරුණියක් නොකියා සිප ගැනීම බරපතල වැරැද්දක් නිසා.

දැන් මේ ගැන දිල්ලි පොලිසියටත් ගිහින්. හේතුව මේ වීඩියෝ එකේ ඉන්න සිප ගැනීමට ලක්වූ එක් තරුණියක් පොලිසියට කළ පැමිණිල්ලක් නිසා.

Prank වීඩියෝ එක කළ තරුණයා පසුව කළ වැරැද්ද ගැන වැටහිලා සමාව ගන්න වීඩියෝවක් YouTube එකට Upload කරලා.  ඒ වගේම අර Prank වීඩියෝ එකත් චැනල් එකෙන් ඉවත් කරලා.

කොහොම හරි ඉන්දියාවේ සමාජ මාධ්‍යයෙන් මේ තරුණයාට එල්ල කරන චෝදනා කෙළවරක් නැහැ.

ඒ වගේම දිල්ලි පොලිසිය මේ තරුණයාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ සිදු කරමින් තියෙනවා.

ඕක තමා කියන්නේ Prank කියලා නොහොබිනා වැඩ කරන්න හොඳ නැහැ කියලා.