ලංකාවේ දුවන්න බැරි මාතරදි පත්තු වුණ කෝටි 20 හමර් එකේ අයිතිකාරයා කිව්ව අමුතු කතාව - Photos

channel4

මාතර ප්‍රදේශයේ දී පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් හමර් වර්ගයට අයිති ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂණ සිදුකර ඇති පුවතක් පසුගියදා වාර්තා වුණා.

එම ජීප් රථයේ වටිනාකම රුපියල් කෝටි විස්‌සක්‌ පමණ වනවා.

පසුගිය විසිවැනිදා මෙම හමර් වර්ගයට අයිති ජීප් රථයෙන් එහි හිමිකරු වන මෙරටට වාහන ආනයනය කරන සමාගමක හිමිකරුවෙකුගේ පුත්‍රයා සහ යහළුවන් දෙදෙනකු කතරගම බලා යන අතර මාතර නගරයේදී පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ එම රථය පරික්ෂාවට ලක් කළා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තාවකාලික අවසර පත්‍රයක්‌ සහ රක්‍ෂණ සහතිකයක්‌ ඇති නිසා එම ජීප් රථය මෙරට ධාවනය කිරීමට හැකියාව ඇති අතර පොලිසිය එම අවස්ථාවේ මුදාහැර තිබුණා.

එහි හිමිකරු එහිදී පොලිසියට අපූරු ප්‍රකාශයක්‌ කර තිබෙනවා.

“මම මේ වාහනය කොළඹ අංක තහඩු නොමැතිව දවස්‌ ගාණක්‌ ධාවනය කළා. ඒත් කිසි දවසක පොලිසියෙන් නැවැත්තුවේ නැහැ. හැබැයි නැවැත්තුවේ මාතරදී විතරයි” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.